
ඉඩම් අහිමි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය පිළිබඳව ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ ප්‍රකාශය
Published
ඉඩම් අහිමි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය පිළිබඳව ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වෙනස් කොට සලකනු ලැබීමට ලක්වී සිටින හා ඉඩම් අහිමි ජනතාවගේ නිවාස, ඉඩම් සහ දේපළ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ප්රජාවන්ගේ, ක්රියාකාරිකයින්ගේ සහ සිවිල් සමාජ සංවිධානවල එකමුතුවක් වන ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය (PARL) වන අපි ඉඩම් අහිමි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයේ දී ඉඩම් අහිමි ජනතාවගේ අරගල සඳහා අපගේ සහයෝගය පළකර කිරීමට කැමැත්තෙමු.
ඉඩම් සඳහා ඇති අයිතිය පිළිබඳව ඉඩම් අහිමි පුද්ගලයින් සහ ඉඩම් සඳහා ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නන් සිදුකරන අරගල ඉස්මතු කර පෙන්වීම සඳහා ඔවුන් එක්රැස් කිරීම පිණිස 2015 වර්ෂයේ සිට සෑම වර්ෂයක ම මාර්තු 29 වෙනි දින ඉඩම් අහිමි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබේ. බොහෝ දෙනෙකුට ජීවනෝපාය අයිතිවාසිකම් සහ අනන්‍යතාවය ඇතුළු ස්වකීය අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා ඉඩම් අයිතිය ප්‍රධාන සාධකයක් වේ. කෙසේ වෙතත්, විවිධ හේතුන් මත ඉඩම් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දහස් ගණනකට ඉඩම් සඳහා තමන්ට ඇති අයිතිය භුක්ති විඳීමට නොහැකිවී තිබේ. වසර තිහක් පුරා පැවති සිවිල් යුද්ධය, හමුදාකරණය, ඉඩම් අත්පත් කර ගැනීමේ නීති, ආරක්ෂක අංශ, වනජීවී දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන විසින් සිදුකරන ඉඩම් අත්පත් කර ගැනීම් සහ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම නොමැති වීමට හේතු වී ඇත. එමෙන් ම, බ්‍රිතාන්‍යයින් ශ්‍රී ලංකාව හැර ගිය දා පටන් දශක විස්සකට අධික කාලයක් පුරා උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ ඉඩම් අහිමි ප්‍රජාවක් ලෙස ජීවත් වන බව ද අපි පෙන්වා දීමට කැමැත්තෙමු.
මහජන ඉඩම් කොමිසමේ නිර්දේශ
ශ්‍රී ලංකාවේ ඉඩම් අහිමි පුද්ගලයින්ට බලපාන ගැටලු විසඳීම සම්බන්ධයෙන් 2020 - 21 වර්ෂවල දී ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය විසින් කැඳවන ලද මහජන ඉඩම් කොමිසම විසින් ලබා දෙන ලද නිර්දේශ නැවත අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. විශේෂයෙන් ම, මෙම නිර්දේශ මගින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික්කවල ඉඩම් ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අදහස් සහ ඉල්ලීම් පිළිබිඹු වෙයි.
හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන ඉඩම් ජනතාව සහ ප්‍රජාවන් වෙත ආපසු ලබාදීම සඳහා රජය වහාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එසේ ආපසු ලබා දෙනු ලබන ඉඩම්වල කෘෂිකර්මාන්තය සහ අනෙකුත් ජීවනෝපායන් නැවත ආරම්භ කිරීම සඳහා රජය ජනතාවට ප්‍රමාණවත් සහයෝගයක් ලබා දිය යුතු ය. ඉඩම් අත්පත් කර ගෙන තිබූ කාලය තුළ සිදු වූ පාඩු සඳහා වන්දි ලබා දිය යුතුය.
අත්තනෝමතික ලෙස වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ ප්‍රදේශ ලෙස මායිම් ලකුණු කර ඇති පෞද්ගලික කෘෂිකාර්මික ඉඩම් හඳුනාගෙන, වගා කිරීම සඳහා එම ඉඩම් නැවත ගොවීන් වෙත නිදහස් කිරීම පිණිස ප්‍රාදේශීය මට්ටමින් (ප්‍රාදේශීය ලේකම් යටතේ) කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. අවට පිහිටා තිබෙන පාරිසරික පද්ධතිවල ආරක්ෂාව සහතික කිරීම පිණිස මිශ්‍ර භෝග වගාවන් සහිත වන උද්‍යාන ලෙස මෙම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ගොවීන්ට සහාය දිය යුතු ය. එම ඉඩම් හඳුනා ගැනීම ඉඩමේ හිමිකාරිත්වය සහ පෙර භාවිතය සනාථ කිරීමේ සාක්ෂි, පාරිසරික සංවේදීතාවය සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට ස්වකීය ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතා කාර්යයන් සඳහා ඉඩමෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් එක් එක් ඉඩම පදනමෙන් සිදු කළ යුතුය.
දේශීය ආහාර නිෂ්පාදකයින් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා භාවිතා කර ඇති ඉඩම් රජයේ සංවර්ධන ව්‍යාපෘති, සංචාරක කර්මාන්තය, හෝ කාර්මික හෝ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා අත්පත් කර ගැනීමේ ඕනෑම ප්රයත්නයක් වහාම නතර කිරීම. එයට විකල්පයක් ලෙස, ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහාත්, එම ප්රජාවන්ගේ ජීවනෝපාය සහ ආහාර නිෂ්පාදන පද්ධති සංවර්ධන සැලසුම්වලට ඒකාබද්ධ කරන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති වැඩි දියුණු කිරීම සඳහාත් ප්‍රජාවන්ට සහාය විය යුතුය.
මේ වන විටත් තම ඉඩම් අත්පත් කරගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිතා කරනු ලැබ ඇති ආහාර නිෂ්පාදකයින්ට, ඔවුන්ගේ ජීවනෝපාය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහිත සුදුසු විකල්ප ඉඩම් ලබා දීමට කඩිනම් පියවර ගැනීම. ඔවුන්ට සිදුවී ඇති පාඩුවට සරිලන වන්දි ලබාදිය යුතු ය.
වතුකරයේ වැඩ කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණයෙන් වතුකරයේ ම පදිංචිව සිටින පවුල් සඳහා අවම වශයෙන් නිවසක් සහිත පර්චස් 20 ක ඉඩමක් බැගින් ලබා දීම. එම ඉඩම නිවාස හා ගෘහාශ්‍රිත ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ කෙසේද යන්න තීරණය කිරීමට ඔවුන්ට නිදහස ලැබෙන පරිදි, ඔවුන්ට එම ඉඩමේ සම්පූර්ණ අයිතිය නිසි ඔප්පුවක් මගින් ලබාදිය යුතු ය. කාන්තාවන්ට ද ඉඩම් සඳහා සමාන අයිතියක් තිබෙන බව සහතික කළ යුතුය.
වගා කර නැති සහ අතහැර දමා ඇති වතු ඉඩම් ආහාර භෝග වගාව සඳහා වතු කම්කරුවන් අතර බෙදා දීම.
සාධාරණ සහ යුක්තිසහගත පොදු අරමුණක් හඳුනා ගත් විට පමණක් ඉඩම් අත්පත් කර ගැනීම. රජය විසින් එවැනි අරමුණක් සඳහා ඉඩම් අත්පත් කර ගන්නා විට, එම නිශ්චිත අරමුණ ගැසට් පත්‍රයේ සඳහන් කළ යුතු ය. රාජ්‍ය ආයතනවලට / නිලධාරීන්ට එම පොදු කාර්යය පිළිබඳ අදාළ සියලු තොරතුරු සහ හේතු දැක්වීම් සපයා දිය යුතුය. ඔවුන් බලපෑමට ලක් වන සියලු දෙනා වෙත එම නිශ්චිත අරමුණ පැහැදිලිව සන්නිවේදනය කළ යුතුය. ඉඩම් අත්පත් කර ගැනීම් සහ නැවත පදිංචි කිරීමේ සැලසුම්, වන්දි ගෙවීම් ආදිය පිළිබඳව මහජනතාව විසින් අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා නම් කරන ලද නිලධාරියෙක් සිටිය යුතුය. රජය විසින් ඉඩම් අත්පත් කර ගනු ලැබීමෙන් පීඩාවට පත් විය හැකි ජනතාවට අවිනිශ්චිතභාවය අත්විඳීමට ඉඩ නොතැබිය යුතුය; ක්‍රියාවලියේ සෑම පියවරකදී ම ඔවුන්ට සහාය දිය යුතු ය.