2011 වර්ෂයේ සිට ඉඩම් අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය යනු 2011 වර්ෂයේ සිට ආහාර ස්වෛරීභාවය සහ පාරිසරික යුක්තිය පිළිබඳ මූලධර්ම මත පදනම්ව ශ්‍රී ලංකාව පුරා ප්රජාවන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම්වලට එරෙහිව සහ ඉඩම්, නිවාස සහ පාරිසරික අයිතිවාසිකම් වෙනුවෙන් එකට එක්ව ස්වේච්ඡාවෙන් කටයුතු කරන සිවිල් සමාජ සංවිධානවල සහ පුද්ගලයන්ගේ සන්ධානයකි.
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය කාන්තාවන්, කුඩා පරිමාණ ගොවීන්, ධීවර ප්‍රජාවන්, වතු කම්කරුවන්, ක්රියාකාරිකයන්, පරිසරවේදීන් සහ ස්වකීය ඉඩම්, ධීවර කර්මාන්තයට යොදා ගන්නා ජල සම්පත් සහ නිවාස අහිමි කරනු ලැබීමට එරෙහිව සටන් කරන ජනතා සංවිධාන එකට එක් කරන අතර, අවතැන් වූ ප්රජාවන්ගේ අරගලවලට සහයෝගය දක්වමින් කටයුතු කරයි.
වරද සිදුකළ අයගේ හෝ බලපෑමට ලක් වූ ප්‍රජාවෙහි අනන්‍යතාවය නොසලකා, දිවයිනේ සියලු ම ප්‍රදේශවල, එනම් උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවලට අයත් සහ මලයහ ප්රජාවන්ගේ ප්රයත්නයන් සහ ජනතා ව්‍යාපාර එක්සත් කරන වේදිකාවක් ගොඩනැගීම ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයෙහි අරමුණ වේ. ජාතික නීති සහ ප්‍රතිපත්ති, සහ ජාත්‍යන්තර ප්රමිතීන් සහ සම්මතයන් මගින් සහතික කර ඇති මෙන්ම සාම්ප්‍රදායික අයිතිවාසිකම් සහ පිළිවෙත් යටතේ බුක්තිවිඳ ඇති වින්දිත ප්රජාවන්ගේ අයිතිවාසිකම්වලට රාජකාරි පැවරී ඇති අය විසින්, එනම් ප්‍රධාන වශයෙන් ම රජය සහ එහි ආයතන විසින් ගරු කළ යුතු ය යන්න මෙම සන්ධානයේ ස්ථාවරය වේ. එමෙන්ම, ජාතික ව්‍යාපාර හරහා ප්‍රතිරෝධය දැක්වීමට සහායවීම සහ ප්‍රතිරෝධය ගොඩනැගීම සහ පීඩාවට පත් වූ ජනතාවගේ අයිතිවාසිකම් නැවත ලබා ගැනීමට සහායවීම මෙන්ම, ඉඩම්, නිවාස, ජලය සහ ආහාර සම්බන්ධ විවිධ ජනතාවන්ගේ අරගල එකට එක්කිරීම ද ඉඩම අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ අරමුණ වේ.
ප්රජාවන්ගේ අරගලවලට සහාය දෙන සහ ඒවා නියෝජනය කරන ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් බවට පත්වීම ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ මෙහෙවර වේ.
ඉඩම් අත්පත් කර ගැනීම් වලට, ඉඩම් නොමැතිකමට සහ කාන්තාවන්ගේ සහ අනෙකුත් ආන්තිකකරණයට ලක් වූ කණ්ඩායම්වල ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් ඔවුන්ට වෙනස්කොට සලකන ආකාරයේ ප්‍රතිපත්ති සහ නීතිවලට එරෙහිව කටයුතු කිරීම.
දිළිඳු සහ ආන්තිකකරණයට ලක් වූ ජනතාවගේ ඉඩම් හිමිකම් සහතික කරන සහ පරිසරය ආරක්ෂා කරන ප්රගතිශීලී ප්‍රතිපත්ති සහ නීති ප්‍රතිසංස්කරණවලට සහාය වීම.
“ප්රජාවන්ගේ අයිතිවාසිකම්, විශේෂයෙන් ම ආන්තිකකරණයට ලක් වූ සහ අවදානමට ලක්විය හැකි ප්රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් ශ්‍රී ලංකාවේ ඉඩම් තිරසාර ලෙස භාවිතා කිරීම.”
ඉඩම් ආරවුල් වලට සහ ඉඩම් වලින් ඉවත්කරනු ලැබීමේ තර්ජනවලට මුහුණ දෙන ප්‍රජාවන්ට සහාය වීම.
ඉඩම් හිමිකම් ආරක්ෂා කරන ප්‍රතිපත්ති සංශෝධන සහ නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම.
ඉඩම් හිමිකම් උල්ලංඝනය කිරීම් සහ තිරසාර සහ සාධාරණ විකල්ප පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සහ ලේඛනගත කිරීම.
ආන්තික කණ්ඩායම්වල හඬනැගීම් ප්‍රවර්ධනය කිරීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, රජය පෙළඹවීම සහ ඉඩම් හිමිකම් උල්ලංඝනය කිරීම් ලේඛනගත කිරීම.
අහිමි කළ නොහැකි අයිතිය - ඉඩම් යනු පුරවැසියෙකුට අහිමි කළ නොහැකි අයිතියක් ය යන්න ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයෙහි පිළිගැනීම වේ. පුද්ගලයන්ගේ/කණ්ඩායමක එම අයිතිය උල්ලංඝනය වන විට ඔවුන්ට සහාය වීම සඳහා ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය මැදිහත්වීම් සිදු කරයි.
මානව හිමිකම - ඉඩම් යනු මානව හිමිකමක් වන අතර, එය ලබාදීමේ දී වෙනස් කොට සැලකීමක් නොකළ යුතු ය. අපි පුද්ගලික අයිතිවාසිකම් මෙන්ම ස්වාභාවික සම්පත් සඳහා ඇති පොදු අයිතිය සහ ප්‍රජාවන් තුළ ආන්තිකකරණයට ලක් වූවන්ගේ (ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කුලය, ලිංගික දිශානතිය ආදිය මත පදනම්ව ආන්තිකකරණයට ලක්වූවන්ගේ) අයිතිවාසිකම් පිළිගැනීමට ලක්කරන්නෙමු.
අපි වෙනස්කොට සැලකීම් සිදු නොකරන අතර, ඕනෑම ප්රජාවකගේ ජනවාර්ගිකත්වය, කුලය, ආගම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, භූගෝලීය ප්‍රදේශය යනාදිය නොසලකා ඔවුන්ගේ අරගලවලට සහාය වන්නෙමු.
සත්කාරක ප්‍රජාවේ (ජීවනෝපායයන්හි/ජීවන රටාවේ) පවතින තත්ත්වයට දැඩි ලෙස බාධා නොකර, හෝ පාරිසරික පද්ධති විනාශ නොකර, පදිංචිවීම සඳහා හෝ වෙනත් කාර්යයන් සඳහා රටේ ඕනෑම ප්‍රදේශයක තිබෙන ඉඩම් භාවිතා කිරීමට ඕනෑම පුරවැසියෙකුට ඇති අයිතිය අපි පිළිගන්නෙමු.
ඉඩම් සඳහා ඇති අයිතිය ඕනෑම අයෙකුගේ අනෙකුත් අයිතිවාසිකම් වලින් වෙන් කළ නොහැකි අයිතියකි: අනන්‍යතාවය/සංස්කෘතිය, වෙන්කළ නොහැකි බව.
ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම පමණක් නොව, ජීවනෝපායන්, අනන්‍යතාවය සහ සංස්කෘතිය සහ ඉඩම් අතර ඇති සම්බන්ධතාවය සමග ඉඩම් සඳහා ඇති අයිතියෙහි පුළුල් ස්වභාවය පිළිගන්නෙමු.
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය ප්‍රජාවන්ට ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම / අරගල කිරීම සඳහා ඇති ධාරිතාවය සහ හැකියාව පිළිගැනීමට ලක් කරයි. ගැටලුවට මුහුණ දී සිටින ප්‍රජාවේ ධාරිතාවය පිළිගනිමින් අපි මෙම අරගලයට මැදිහත් වන්නෙමු.
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය මුදල් අවශ්‍යතාවලට වඩා දේශීය ප්රජාවන්ගේ සහ පරිසරයේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන ඉඩම් ප්‍රතිපත්ති සඳහා සහයෝගය දක්වයි.