
PARL සාමාජික චින්තක රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී හා වැරදි ක්‍රියාවකි
Published
PARL සාමාජික චින්තක රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී හා වැරදි ක්‍රියාවකි
2022 අගෝස්තු 18 වන දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සාමකාමී විරෝධතාවකට සහභාගීවීම මත ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) මෙහෙයුම්කරු චින්තක රාජපකෂව අත්අඩංගුවට ගනු ලැබිනි. ඔහු සමඟ තවත් 19 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතුරින් තිදෙනෙකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින්නේ එකී පීඩාකාරී නීතිය විරෝධතාකරුවන්ට එරෙහිව යොදාගනිමිනි. චින්තක සහ අනෙකුත් අය අගෝස්තු 19 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර චින්තකව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට පොලීසිය විසින් ඉල්ලීමක් සිදුකරන ලද අතර ඒ අනුව 2022 අගෝස්තු 26 වන දින දක්වා ඔහුව රිමාන්ඩ් භාරයේ තබාගැනීමේ නියෝගයක් මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලදී. සෙසු පිරිසට එදිනම ඇප ලබාදෙන ලදී. අප විශ්වාස කරන්නේ චින්තකව තවදුරටත් රඳවා තබාගැනීම සඳහා වන මෙම ඉල්ලීම පොලීසිය විසින් සිදුකරන්නේ චින්තකගේ දීර්ඝ කාලීන සමාජ ක්‍රියාකාරීත්වය සහ අසාධාරණයට එහෙිව සාර්ථක ලෙස ජනතාව පෙල ගැස්වීමේ කාර්යභාරය හේතුකොටගෙන බවයි.
ඔහු දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ පාරිසරික සුරකෂිතතාව සහ ප්‍රජාවන් බොහොමයකගේ ඉඩම් අයිතිය සම්බන්ධ ව්‍යාපාර වෙනුවෙන් අප්රතිහතව සිය සහය පළකළ අයෙකි. චින්තක¦ ගොවීන්ගේ, විශේෂයෙන්ම සිය ඉඩම් අහිමි කරනු ලැබූවන්ගේ සමීප මිත්රයෙකි. මිලිටරීකරණය වූ ඉඩම් අත්පත් කරගැනීම්වල ගොදුරු බවට පත්වූ උතුරු හා නැගෙනහිර ප්‍රජාවන් වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිට ඇත.
චින්තක බුත්තල ග්‍රාමීය ගොවි ප්‍රජාවෙන් පැමිණි අයෙකු වන අතර දියණියන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු, ශ්‍රී ලංකාවේ ආන්තිකවූවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන්කරනු පිණිස සිය ජීවිතය කැපකළ සිය පියා මෙන්ම ඒ මඟ ගමන් කරන දෙවන පරම්පරාවේ සමාජ ක්රියාකාරිකයෙකි. චින්තක සිය යොවුන් වියේදී, බුත්තල ප්‍රදේශයේ සමාජ යුක්තිය වෙනුවෙන් වූ සිය ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන 1988 දී ඝාතනය කෙරුනු මයිකල් රොඩි්රගෝ පියතුමා සමඟ සමීපව කටයුතු කරන ලදී.
චින්තක, ආන්තක ප්රජාවන්ගේ ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලූ වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහිදුනු සිවිල් සමාජ සංවිධාන හා පුද්ගලයින්ගෙන් සමන්විතව 2011 වසරේ සිට ක්‍රියාත්මක වන ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ(PARL) සක්‍රීය සාමාජිකයෙකි.
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය(PARL) ලෙස චින්තක ඇතුලූ සියලූ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් වෙත කරන හිරිහැරයන් අපි තරයේ හෙලාදකිමු. මෙම අත්අඩංගුවට ගැනීම් අප දකින්නේ මේ රටේ ආන්තික වූවන්ගේ මූලික මානව හිමිකම් සුරකෂිත කරදෙනු පිණිස අරගල කරන චින්තකයින්, වෘත්තීයවේදීන් සහ ක්‍රියාකාරීන් යනාදී වශයෙන් වූ ජනතාව හිරිහැරයට පත්කිරීම සඳහා ගනු ලබන උත්සාහයක් ලෙසය. තවද, බලයේ සිටින්නන් විවේචනය හා ඔවුන් වගවීම ඉල්ලා සිදුකරන සාමකාමී විරෝධය දැක්වීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අවහිර කිරීමේ උත්සාහයන්ගේ එක් පියවරක් ලෙස අපි මෙය දකිමු. විසම්මුතිය ප්‍රකාශයට පත්කිරීමේ අයිතියට ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ (PARL) පූර්ණ සහය පළවන අතර එය ප්රජාතන්ත්රවාදයේ වැදගත් කුළුණක් බව විශ්්වාස කරමු. ප්‍රජාතාන්ත්‍රික ජාතියක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ දැනටමත් දුබල කරනු ලැබ ඇති ගමන තවදුරටත් විනාශකර දමන මෙම රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන හිරිහැරයන් හා අයිතිවාසිකම් උල්ලංඝනයන් අපි දැඩිව හෙලා දකිමු. චින්තක සහ අනෙකුත් පිරිස වෙත එල්ල කරන ප්‍රහාරය ආන්තික වූවන් වෙනුවෙන් නැගී සිටින, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සියලූ පුරවැසියන්ට එහෙිව එල්ල කරන ලද ප්රහාරයකි.