
මහජන ඉඩම් කොමිෂන් වාර්තාව අන්තර්ජාලයට
Published
පවතින ඉඩම් ප්‍රතිපත්ති, ඉඩම් නීති සහ ඉඩම් පරිපාලන ක්‍රියා පටිපාටි සහ භාවිතයන් හේතුවෙන් ප්‍රජාවන් මුහුණ දෙන විවිධාකාර ගැටලු සහ ඒවායේ ප්රතිඵලයන් අධ්‍යයනය කිරීමේ අරමුණින් මහජන ඉඩම් කොමිසම ආරම්භ කරන ලදී. රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ජනතාවගේ අපේක්ෂාවන් අඛණ්ඩව බැහැර සිටින තත්වයක් තුළ ජනතා අදහස් මත ගොඩනැගෙන ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සදහා මුල පිරිම මෙහි මූලික අරමුණ වේ.
මහජන ඉඩම් කොමිෂන් සභාව සමාජ ක්‍රියාකාරීන්, ශාස්ත්රඥයින්, පර්යේෂකයින් සහ නීතිඥයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකුගෙන් සමන්විත වේ.කොමිෂන් සභාව 2019 මාර්තු සිට අගෝස්තු දක්වා කාලය තුළ දී දිස්ත්‍රික්ක 18 ක් පුරා අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ප්‍රජාවන් සහ බලපෑමට ලක්වූ පුද්ගලයින් වෙත පැමිණ අදහස් විමසීම් සිදුකරනු ලැබීය. කොමිසමේ සාමාජිකයින් විසින් පුද්ගලයන් 885 ක්, එනම් කාන්තාවන් 428 ක්, පිරිමින් 452 ක් සහ තවත් 5 දෙනෙකු සමඟ සාකච්ඡා කරනු ලැබීය.
විවිධ ජනවාර්ගික, ආගමික, සමාජීය හා ආර්ථික පසුබිම් සහිත භූගෝලීය ප්‍රදේශ සහ හරස්කඩ නියෝජනය කිරීම හැකි තරම් පුළුල් ලෙස සහතික කිරීමේ අරමුණින් මෙම ස්ථාන තෝරාගෙන තිබේ. විරෝධතා දක්වන ස්ථාන, අවතැන් වූ සහ ඉඩම් නොමැති ප්‍රජාවන්, නෙරපා හරින ලද්දන් සහ/හෝ වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති අය සිටින ස්ථාන සහ සංවර්ධන හා නාගරික පුනර්ජනනීය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින හෝ සැලසුම් කර ඇති ප්‍රදේශ වෙත කොමිෂන් සභාව විසින් නිරීක්ෂණ චාරිකා සිදුකරන ලදි.
කාලය, සම්පත්, සංවිධායක හවුල්කරුවන්ට ලබාගත හැකි තොරතුරු සීමා වීම සහ වෙනත් ප්‍රායෝගික කරුණු හේතුවෙන් බලපෑමට ලක් ව ඇති සියලුම ප්‍රදේශ නැරඹීමට කොමිසමට ඉඩ නොලැබුනි. කාලය සීමාවීම ජනතාව සමඟ ගැඹුරු ලෙස සාකච්ඡා කිරීම කෙරෙහි ද බලපෑම් ඇතිකරවනු ලැබීය. දිගු කලක් තිස්සේ පැවති අසාධාරණයන් හේතුවෙන් පරම්පරා ගණනාවක් පුරා පැතිර ඇති වූ බලපෑම් විස්තර කිරීමට මිනිසුන්ට බොහෝ කාලයක් අවශ්‍ය බව මෙහි දී අපේක්ෂා කරන ලද අතර, ඒ බව පැහැදිළිවම පෙනෙන්නට ද තිබුණි. ස්ත්‍රී පුරුෂ භාවය නිසා ඇති වූ අයුක්තිය සහ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අංශය පිළිබඳව සොයා බැලීමට බොහෝ විට ප්‍රමාණවත් කාලයක් නොතිබුණි.
මෙම වාර්තාවේ පරමාර්ථය වන්නේ ඉඩම් අරගල හේතුවෙන් ජනතාව විඳින දුක් ගැහැටවලට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ස්ථාපිත ක්‍රියාපිළිවෙල ප්‍රතිසංස්කරණය කිරීම සහ ඔවුන්ගේ ජීවිත සංවර්ධනය කිරීම, පාරිසරික තිරසාරභාවය සුරක්ෂිත කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් සමාජීය වශයෙන් වගකීම සඳහා ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය, නීතිය සහ පරිපාලනය සඳහා මගපෙන්වීමක් ලෙස සේවය කිරීම යි. මෙම වාර්තාව මගින් නිශ්චිත ඉඩම් අරගල හා ගැටළු සඳහා විසඳුම් ලබා නොදෙන අතර ඒ වෙනුවට මිනිසුන් හා ඉඩම් සමඟ ගනුදෙනු කිරීමේ දී යහපත් භාවිත ක්‍රියාපටිපාටීන්, මාර්ගෝපදේශක මූලධර්ම සහ ප්‍රමුඛතා නිර්දේශ කරනු ලැබේ.
කොමිෂන් සභාව සහ PARL විසින් මෙම වාර්තාව සහ එහි නිර්දේශ ඉඩම්, වන්දි ගෙවීම්, සංක්‍රාන්ති යුක්තිය, ප්රතිසන්ධානය, කාන්තා අයිතිවාසිකම්, සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන රජය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන ආදී විවිධ පාර්ශවකරුවන් වෙත ඉදිරිපත් කරනු ඇත. විවිධ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මෙන්ම ආයතනික හා කාර්ය පටිපාටික ප්‍රතිසංස්කරණ සඳහා වන මෙම වාර්තාවේ නිර්දේශයන් බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින්ම මෙහෙයවනු ලබන අතර, සමස්තයක් වශයෙන් ඉඩම් හා ඉඩම් පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ වඩාත් අර්ථවත් හා තිරසාර සාකච්ඡාවකට මෙය හේතු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තවද, මෙම වාර්තාව සිංහල හා දෙමළ භාෂාවෙන් විමසීමට සහභාගී වූ ප්‍රජාවන් වෙත මෙන්ම රට පුරා විවිධ ආකාරයේ ඉඩම් අරගලවල යෙදී සිටින අය සමඟ ද බෙදා ගනු ඇත. හවුල් අත්දැකීම් සහ සාමූහික නිර්දේශයන් අඛණ්ඩ උද්දේශන සහ මහජන ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ දිරිගැන්වීමට ඉවහල් වනු ඇති බවත්, ප්‍රජාවන් විසින් මෙම වාර්තාවේ අන්තර්ගතය ඉදිරියට ගෙනයනු ඇති බවත් මෙන්ම ඒවා ඔවුන්ගේ කාර්යන් හි දී භාවිතා කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරන්නෙමු.
මෙම වාර්තාව යනු විමසීම්වල දී සටහන් තබාගන්නන් විසින් එකතුකරගත් පුළුල් සටහන් සහ පටිගත කිරීම්, කොමිසමේ සාමාජිකයින් සහ පර්යේෂකයින්ගේ නිරීක්ෂණ හා විශ්ලේෂණයන්, සහ සාහිත්‍ය සමාලෝචනයන් හි එකතුවකි.
කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් පවත්නා ප්රවණතාවයන් සහ තමන්ගේ සොයාගැනීම් බෙදා ගැනීම සහ විශ්ලේෂණය සඳහා මෙන්ම, රැස්කරනු ලබන තොරතුරු සාරාංශගත කිරීමේ හා සැසඳීමේ ආකාරයන් හඳුනා ගැනීම සඳහා ද නිතිපතා සංවාද පවත්වනු ලැබීය.
මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති සියළුම නිර්දේශයන් බලපෑමට ලක්වූ ප්රජාවන්ගේ දැනුවත්කිරීම්වලින් ලබාගත් එකතුකිරීම්වලින් ලබාගෙන තිබේ.
සම්පුර්ණ වාර්තාව කියවීමට සහ භාගත කිරීමට පහත 'Download this Article' යන්න මත හෝ මෙහි ඇති ලිනික් එක මත ක්ලික් කරන්න. https://drive.google.com/drive/folders/19CGinDt1mr21sBWSoouJTQhxPGKw3-Yw?usp=sharing