
ඉඩම් අයිතිය රැක ගැනීමේ ජනතා අරගලය පුහුණු අත්පොත
Published
ඉඩම් අයිතිය සදහා ජනතා ව්‍යපාරය ආරම්භ වන්නේ 2010 වර්ෂයේ දීය. මේ වන විට එය යුද්ධය, බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘති, ජනතාවගේ අනන්‍යතාවය මත වෙනස්කොට සළකනු ලබන ඉඩම් ප්‍රතිපත්ති, නීති රීති හා පරිපාලන ක්‍රමවේදයන් හා ඓතිහාසික අසාධාරණයන් හේතුවෙන් තමන්ගේ ඉඩම් හා ස්වාභාවික සම්පත්වල අයිතිය හා ප්‍රවේශය අහිමි වූ ජනතාවගේ ඉඩම් අයිතිය සදහා වන අරගලවලට පොදු වේදිකාවක් බවට පත්ව ඇත. පසුගිය වසර 11 තුළ අපි බොහෝ දේ උගෙන ගත්තෙමු. බොහොමයක් වූ පරාජයන් ද, ඇතැම් ජයග්රහණයන් ද අපට මග පෙන්වා ඇත. සාර්ථක අරගලයක මූලික පදනම තමන්ගේ ඉඩමේ අයිතිය වෙනුවෙන් සටන් කිරිමට සූදානම් ජනතාවගේ අධිෂ්ඨානය හා ශක්තිය බව පසුගිය වසර 11 තුළ අප උගත් ප්‍රධානම පාඩමයි. උතුරේත්, නැගෙනහිරත්, වතුකරයේත්, දකුණේත් ගැහැණුන් හා මිනිසුන් තමන්ගේ ජීවිත පරදුවට තබමින් තමන්ගේ ඉඩමේ අයිතිය වෙනුවෙන් සටන් වදිනා ආකාරය අපි දුටුවෙමු. සිංහල, දෙමළ, මුස්ලිම්, හෝ වෙනත් ඕනෑම ජාතියක වේවා, ඔවුන් තමන්ගේ අරගලය තුළ එක් පොදු බිමක් සොයා යනු අපි දුටුවෙමු. ඔවුන් සැමටම ඉඩම යනු ඔවුන්ගේ ජීවිතය විය, එය ඔවුන්ගේ ගෞරවාන්විත පැවැත්මේ පදනම විය. එබැවින්ම තමන්ගේ ඉඩම වෙනුවෙන් සටන් කිරිම යනු තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරිමක්ම විය.
මෙම පුහුණු අත්පොත නිර්මාණය වන්නේ ඉඩම් අයිතිය වෙනුවෙන් සටන් වදින ගැහැණුන් හා මිනිසුන්ගේ අරගලයට කුඩා හෝ ශක්තියක් වීමේ අරමුණෙනි. ඔවුන්ගේම අරගල තුළින් අපි උගත් පාඩම් මේ පොත තුළට ගොනු කර ඇත. විශේෂයෙන්ම ජාති, ආගම්,ස්ත්‍රි, පුරුෂ ආදී සියලූ බේදවලින් තොරව අපව පීඩාවට පත් කරන අධිපතිවාදී සැළසුම් සම්බන්ධයෙන් වටහා ගැනීමටත්, එම සැළසුම් පරාජය කිරිම සදහා එක්ව කටයුතු කිරිමටත් අවශ්‍ය වන තාක්ෂණික, න්‍යායික හා ප්‍රායෝගික හැකියාවන් සම්බන්ධයෙන් මේ අත්පොත මගින් සාකච්ඡා කර ඇත.
ඉඩම් අයිතිය යන්න නිවැරදි ව අවබෝධ කර ගැනීමටත්, එම අයිතිය අපට ලැබී ඇති ආකාරයත්, එම අයිතිය අහිමි කිරීමත්, එම අයිතිය නැවත ලබා ගැනීමට අරගල කළ යුතු ආකාරයත් මේ මගින් අවබෝධ කර දීමට අපි උත්සාහ ගත්තෙමු. එම උත්සාහයේ සාර්ථක අසාර්ථක භාවය තීරණය වන්නේ අනාගත ඉඩම් අරගලවල සාර්ථක අසාර්ථක භාවය මත ය.
මෙය කිසිසේත්ම පරිපූර්ණ ලියවිල්ලක් නොවේ. මෙය නිතිපතා ජනතාවගේ අරගලයන්හි අත්දැකීම් මතින් පෝෂණය විය යුතු මූලික අදහස් සමුදායකි. මෙහි අඩංගු තොරතුරු ඔබට අවශ්‍ය අකාරයෙන් උපුටා ගනිමින් භාවිතා කිරිමේ, වැඩි දියුණු කිරිමේ අයිතිය ඔබ සතුවේ.
සැකසුම :
ප්‍රැන්සිස් පි‍්‍රයංකර කොස්තා
(ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය)
සජීව චාමිකර
(ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය)
කාටුන් චිත්‍ර :
සංගීත් මදුරාවල
පුහුණු අත්පොත pdf පිටපතක් ලෙස පහත 'Download the Article ' යන්න මත ක්ලික් කිරීමෙන් බා ගත කර ගත හැකිය.