හිඟුරාන සීනි කර්මාන්තශාලාව නිසා සිදුවූ හානිය පිලිබඳ වාර්තාව
Published
හිගුරාන සීනි සංස්ථාවේ උක් වගාව සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන්, ඉඩම් හා කෘෂිකාර්මික
ආර්ථිකය අහිමි වූ පවුල් හා උක් වගාවෙන් ඇති වූ අලාභය හේතුවෙන් ගොවිතැන අත් හැරදැමූ පිරිස
හා එසේ ගොවිතැන අත්හැර දැමීම නිසා තමන්ගේ ඉඩම් වර්තමානයේ අහිමි වෙමින් පවතින, ගල්ඔය
සංවර්ධන වෘපෘතිය යටතේ, රජය විසින් ඇති කරන ලද ජනපද සඳහා ආක්රමනය කරන ලද ඉඩම්
වෙනුවෙන් මෙතෙක් විකල්ප ඉඩම් හෝ හානිපූර්ණ ලබා නොගත් ගොවීන් ද ADLAR සහ HEO හි
ප්‍රතිලාභින්ගෙන් එක් කොටසක් ලෙස ක්‍රියා කරමින් සිටියි.
මෙම පිරිසගේ දීර්ඝ කාලීන ඉල්ලීම අනුව, සිදුවී ඇති හානිය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා
ස්වාධීන පර්යේක්ෂකයින් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පර්යේෂණය සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව මේ වන විට ඓතිහාසික වශයෙන් ඉතා දරුණු ආර්ථික අර්බුදයකට හා ආහාර අර්බුදයකට
මුහුණ දී ඇති බව අපි දනිමු. මේ තත්ත්වය තුල මෙම අර්බුදයන්ගෙන් මිදීමට ශ්‍රී ලංකාවේ බහුතර
ගොවි ජනතාව විශේෂයෙන් ග්‍රාමීය ගොවි ජනතාව, මේ සඳහා විශාල ලෙස දායක විය යුතුය. එනිසා
අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ඉඩම් ඵලදායි ලෙස භාවිතා කිරීම, ඉඩම් අහිමි අය සඳහා යුක්ති
සහගත විසඳුම් ලබා දීම, සුලු ගොවීන් විසින් ඔවුන්ගේ ඉඩම් නිදහසේ භාවිතා කරමින් ග්‍රාමීය ආහාර
නිෂ්පාදන වැඩිකිරීම, ග්‍රාමීය සංවර්ධනය හරහා රටේ ධරනීය සංවර්ධනය හා සමාජ සංහිඳියාව
වෙනුවෙන් දායක වීම මෙම උත්සාහයේ බලාපොරොත්තුව වේ.