
සිවිල් යුද්ධයෙන් පසු නිදහස් නොවූ ඉඩම් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් උතුරේ සිදු වන සිංහල ජනපදකරණය
Published
සිවිල් යුද්ධයෙන් පසු නිදහස් නොවූ ඉඩම් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් උතුරේ සිදු වන සිංහල ජනපදකරණය

මෙම වර්ෂය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ක් සපිරීම සනිටුහන් කරයි. යුධ ගැටුම් අතරතුරදී සන්නද්ධ හමුදා විසින් දාමරික ක්‍රියා ගණනාවක් සිදු කරන ලදී: ඔවුහු යුධ මුක්ත කලාපවලට බෝම්බ ප්‍රහාර එල්ල කළහ, රෝහල්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළහ, යටත් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ සටන්කාමීන්ට වෙඩි තැබූහ, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු කළහ, කඳවුරුවල සිටි සිවිල් වැසියන්ට ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ආධාර සපයා දීම ප්‍රතික්ෂේප කළහ. “ශ්‍රී ලංකාවේ විකල්පය” විසම්මුතිය තුරන් කිරීම සඳහා පූර්වාදර්ශයක් තැබූ බව 2010 වර්ෂයේ දී ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් විය. ඇත්ත වශයෙන්ම, වර්තමානයේ ගාසා තීරයේ මේවාට සමීප ලෙස සමාන සිදුවීම් දැකිය හැක.
වසර 15 ක් ගතවීමෙන් පසුව පවා, දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට මධ්‍යගත රාජ්‍යයක සිට පළාත් සභා වෙත සම්පූර්ණ බලය බෙදීමක් වැනි දේශපාලන විසඳුමක් හෝ වේවා, ශක්තිමත් වගවීමේ යාන්ත්‍රණයක් හෝ වේවා, නැත හොත් පුද්ගලයන් අනුව වන්දි ගෙවීමක් හෝ ආර්ථික විසඳුමක් හෝ වේවා එවැනි කවර හෝ විසඳුමක් ලැබී නැත.
පර්යේෂණ මගින් උතුරු-නැගෙනහිර ආර්ථික සංවර්ධනයට බාධා ගණනාවක් අනාවරණය වී ඇත: මිලිටරිකරණය, තිරසාර නොවන යටිතල පහසුකම් ව්‍යාපෘති, ප්‍රදේශයේ ශක්‍ය ජීවනෝපායන් නොමැතිකම, ප්‍රාදේශීය ජනතාවගේ ඉඩම් පිළිබඳ ස්වාධීනත්වයට ප්‍රමුඛත්වය දෙන සාර්ව ආර්ථික දැක්මක් නොමැතිකම සහ වරායන් නොමැතිකම.
හැකිළුණු සිවිල් අවකාශය සහ ආර්ථික සංවර්ධනයක් නොතිබීම එකිනෙකට සමීප ලෙස සම්බන්ධ වී ඇත. ජනතාවට ඔවුන්ගේ ඉඩම් සහ සම්පත් වෙත ප්‍රවේශය සීමා කර ඇති රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වන ජනපදකරණය සහ ධනේශ්වර හස්තයක් ලෙස ක්‍රියා කිරීමට හමුදාවට ඇති හැකියාව දැඩි ලෙස ශක්තිමත් කර ඇති මිලිටරිකරණය වූ ධනවාදය තුළ මෙය දැකිය හැක.
රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වන ජනපදකරණය
“අවසන් වී ඇත්තේ සන්නද්ධ ගැටුම පමණකි. සිවිල් ගැටුම ඉතා ජීවමානව පවතියි.” යනුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයි.ටී.ඒ.කේ.) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ෂානක්කියන් රාසමානික්කම් පැවසුවේය. “පීඩා කිරීම තවමත් සිදුවන අතර ඉඩම් ප්රශ්නය ප්‍රධානතම ගැටළුව වී තිබේ.”
ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් රජයේ පාලනය යටතේ පවතියි. ගොවීන්ට වාර්ෂික හෝ දීර්ඝ කළ බලපත්‍ර ලෙස විවිධ අණපනත් යටතේ ඉඩම් බෙදා දෙනු ලැබේ. ඉඩම් ප්‍රදාන පවතින නමුත් ඒවාට නිශ්චිත නියමයන් තිබේ. උතුරු-නැගෙනහිර ප්‍රදේශවල පුරවැසියන්ගෙන් බොහොමයකට පෞද්ගලික ඉඩම් වෙත ප්‍රවේශය තිබුණි. සන්නද්ධ හමුදාවල, ඉන්දීය සාම සාධක හමුදාවෙහි සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්වල භටයින්ගේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් බොහෝ දෙනෙකුට තම ඉඩම් හැර යාමට සිදු වූ අතර, එම ක්‍රියාවලියේ දී ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් ඔප්පු අහිමි විය. සිවිල් යුද්ධය අවසානයේ දී, හමුදාව ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් නිදහස් කළ නමුත් රජය විවිධ රජයේ ආයතන භාවිතා කරමින් ඒවා නැවත අත්පත් කර ගත්තේය.
මෙසේ කිරීමට රජයට මූලික පෙළඹවීම් තුනක් තිබේ. එයින් පළමුවැන්න, පළාත් සභාවලට සම්පූර්ණයෙන් බලය බෙදා හැරීමෙන් භූමිය කෙරෙහි තමන්ට තිබෙන පාලනය නැතිවී යා හැකි බවට අතිශයින් මධ්‍යගත වූ රජයට සැයකක් පැවතීමයි, දෙවැන්න, ජනපදකරණය මගින් ප්‍රදේශයක ජනවාර්ගික සංයුතිය නැවත හැඩගස්වීමක් සිදුවීමයි. ඉඩම් අත්පත් කර ගැනීමත් සමග එම ප්‍රදේශයේ සිංහල ඡන්ද දායකයින් සංඛ්‍යාව වැඩි වන බැවින් සිංහල මහජන නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතියි. අවසාන වශයෙන්, රජය ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව, එය සිංහලකරණය හෝ නව ලිබරල්කරණය වුවද, රජයට ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා එය භාවිතා කළ හැකි වේ.
“ඉඩම් යනු බලයයි. ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට ඉඩම් පාලනය කිරීම අවශ්‍ය වේ.” යනුවෙන් ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානයේ සාමාජික සඳුන් තුඩුගල පැවසුවේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදාවට ඉඩම් වෙන්කර දීම මගින් සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙළඳපොළ ලිහිල්කරණය කිර්ම සඳහා (එනම් පුද්ගලික ආයෝජනයවලට) ඉඩම් වෙන්කර දීම මගින් මෙය දැකගත හැක.
විධික්රම
බ්‍රිතාන්‍ය පාලනය යටතේ රජය තේ වතු වගාව සඳහා ඉඩම් අත්පත් කර ගත්තේය. මෙම යෝජනා ක්‍රම හේතුවෙන් සිංහල ගොවීන් අවතැන් වූ අතර, ඔවුහු මෙම වතු ප්‍රදේශ වටා පිහිටි ඉඩම් වලට සීමා වූහ. නිදහසින් පසු එළඹි යුගයේ දී බොහෝ දේශපාලනඥයින්ට මෙම ඡන්දදායකයින්ගේ ඉල්ලීම් ඉටු කිරීමට සිදු වූ බැවින් ඔවුහු වියළි කලාපය තුළ ජනපදකරණ යෝජනා ක්‍රම ව්‍යාප්ත කළහ. ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව යන නමින් හැඳින්වූ) පළමු අග්‍රමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක 1948 - 1952 කාලය තුළ ග්‍රාමීය සංවර්ධනය සඳහා ගල්ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ ය. මෙම ව්‍යාපෘතිය යටතේ ගල්ඔය ද්‍රෝනියේ වේල්ලක් ඉදිකර වී, මිරිස් සහ අල වගා කිරීම සඳහා එම ප්‍රදේශය යොදා ගන්නා ලදී. ශ්‍රමය සපයා ගැනීමේ අවශ්‍යතාවය සිංහල ජනාවාස සඳහා ඉඩ ලබා දීම පිණිස දෙමළ සහ මුස්ලිම් ගොවීන් ප්රචණ්ඩ ලෙස අවතැන් කිරීමට හේතු විය. 1956 ගල්ඔය කෝලාහලය හටගත්තේ මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිඵලයක් වශයෙනි.
සිංහල ගොවීන් සඳහා ජලය හරවා දීම 1970 දශකයේ දී ආරම්භ කරන ලද කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනෙහි මූලික අරමුණ විය. සිංහල ගොවීන්ට උතුරු-නැගෙනහිර ප්‍රදේශවල පදනමක් නොතිබූ බැවින් ඊළඟ දශකවලදී රජය මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කර ගෙන ගියේ ය. මෙම සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මඩකලපුවේ මයිලත්තමඩුව වැනි ග්‍රාමීය ප්‍රදේශවල උණුසුම් ගැටුම් ඇති වූයේ ය. දෙමළ කිරි ගොවීන්ට සිංහල වී ගොවීන්ගෙන් තර්ජන එල්ල වූ අතර, බොහෝ වාරගණනක් ඔවුන්ගේ ගවපට්ටි වලට හානි සිදුකිරීම හෝ මරා දැමීම සිදු කරන ලදී.
සිවිල් යුද්ධය පැවති කාලයේ දී හමුදාව ආරක්ෂක හේතූන් මත ඉඩම් අත්පත් කරගෙන ඒවායෙහි හමුදා ස්ථාපනයන් පවත්වාගෙන ගියේය. හමුදා සාමාජිකයන් හැර වෙනත් කිසිවෙකුට මෙම ප්‍රදේශවලට ඇතුල්වීමට නොහැකි විය. ගැටුම අවස න් වූ පසුව හමුදාව මෙම ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් නිදහස් කළ නමුත්, මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ පිහිටි ඉඩම් වැනි ඇතැම් ඉඩම් තවමත් අත්පත් කරගෙන සිටියි. එමෙන්ම, හමුදාව වලිකාමම් ප්‍රදේශයේ පිහිටි තල්සෙවන නිවාඩු නිකේතනය සහ ආපනශාලාව වැනි සංචාරක ස්ථාන ද විසින් පවත්වාගෙන යයි. ඇතැම් පවුල්වලට මේ වන විට විකල්ප ඉඩම් ලබාදී ඇතත් තවත් පවුල් තම පෞද්ගලික ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයෙහි නිරත වෙති. අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ල වන බලපෑම් පවා නොතකා මෙම ඉඩම්වලින් සමහරක් වෙනත් ආයතන විසින් නැවත අත්පත් කරගෙන ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන ම විධියෝගය වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සංරක්ෂණය කිරීම වන නමුත් ඔවුන් දෙමළ නිජබිමෙහි ඉඩම් ජනපදකරණ කිරීම සඳහා මෙම විධියෝගය යොදා ගනියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නටබුන් ස්ථාන (එනම් පෞරාණික ගල් හෝ කැඩුණු පිළිම ආදිය) හඳුනා ගත් විට, ඔවුන් එම ඉඩම් තම දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම ලෙස මායිම් ලකුණු කරයි. එවිට එම ඉඩම්වලට ඇතුල්වීම වීමට අවසර නොදෙන අතර එම ඉඩම්වල සිදුකෙරෙන සියලු නිෂ්පාදන කටයුතු නවතා දමනු ලැබේ. බෞද්ධ භික්ෂුවක් එම ස්ථානයට පැමිණ ඒ ආශ්‍රිතව විහාරස්ථානයක් ඉදිකරයි. උන්වහන්සේ බැතිමතුන්ට, සාමාන්‍යයෙන් දකුණේ සිටින උන්වහන්සේගේ පවුලේ සාමාජිකයින්ට මෙම පරිශ්‍රය පිරිසිදු කිරීමට සහ ආහාර පිසීමට ඉඩ විවෘත කර දෙයි. මේ ආකාරයට පවුල් ගණනාවක් පදිංචි වූ පසු එම ප්‍රදේශය සිංහල බෞද්ධ ප්‍රජාවක් බවට පත්වේ. කුරුන්තූමලෙයි විහාරය ඉදිකිරීම අධිකරණ නියෝගයක් තිබියදී පවා පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණය කිරීම් සිදුකරන්නේය යන පදනමින් විහාරස්ථානයක් ඉදි කිරීම සඳහා උදාහරණයකි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පවසන දේ මගින් සිදුකරන්නේ සිංහල බෞද්ධකම ප්‍රවර්ධනය කිරීම පමණකි. එබැවින් මෙම ප්‍රදේශවලට ඇතුළු වී වන්දනාමාන කළ හැක්කේ සිංහල ජනතාවට පමණකි. උතුරු ප්‍රදේශයේ දෙමළ බෞද්ධයන් සිටි බවට දෙමළ ඉතිහාසඥයන් පෙන්වා දී ඇතත්, එම වෙනස් අනන්‍යතා ස්ථාවර සිංහල බෞද්ධ අනන්‍යතාවක් පිළිබඳ රජයේ අර්ථ නිරූපණයට නොගැළපෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ඉඩම් ජනපදකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ අනන්‍යතාවයෙහි සංකීර්ණත්වය උඩුයටිකුරු කර එය බිඳ දමයි.
එලෙසින් ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංරක්ෂණ කටයුතු සඳහා ස්වකීය බලතල යටතේ ඉඩම් ප්‍රකාශයට පත්කරයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතුවට ඉඩම් වෙන්කර දීමෙන් පසු අවසර නොමැතිව ජනතාවට එම ඉඩම්වලට ඇතුල් විය නොහැක. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වෙන් කරන ඇති ඉඩම් සිවිල් යුද්ධය පැවති කාලයේදී ස්වභාවිකවම වනාන්තර බවට පත් විය. රජය විසින් එම ප්‍රදේශය සිතියම් ගත කරන විට, පුද්ගලයන් පදිංචිවී සිටි පෞද්ගලික ඉඩම් ද වනාන්තරවලට ඇතුළත් වන ලෙස මායිම් ලකුණු කර ඇත.
“නිවස පෞද්ගලික පුද්ගලයෙකු සතුව ද, වැසිකිළිය වනජීවී සම්පත් දෙපාර්තමේන්තුව සතුව ද පවතින ස්ථාන තිබේ,” යනුවෙන් සඳුන් පැවසුවේය. “සංරක්ෂණය වැදගත්, නමුත් මෙය අත්තනෝමතික ලෙස සංරක්ෂණ කලාප ප්‍රකාශයට පත් කිරීමක්. පරිසර සංරක්ෂණ ප්‍රදේශ සහ පෞද්ගලික ඉඩම් පිහිටි ප්‍රදේශය නිසි ලෙස සිතියම්ගත කරන ලෙස අපි ඉල්ලා තිබෙනවා. එය පුරවැසියන්ට ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීම දීමට උපකාරී වනු ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුවේ විධිනියෝගය සංරක්ෂණය කිරීම වුවද, එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ඉඩම් වගා ව්‍යාපෘති සඳහා ද භාවිතා කර ඇත. හමුදාකරණයෙන් ඉවත් කරන ලද ඉඩම් වනාන්තර ආවරණයට අයත් ඉඩම් යැයි 2015 වර්ෂයේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් ලෙස අලිවැට ඉදිකර නැවත වන වගා ව්‍යාපෘති ආරම්භ කරන ලද අතර, සිවිල් ආරක්ෂක බලකාය මෙම ප්‍රදේශ අත්පත් කර ගත්තේය. ඔවුන්ගෙන් එක් එක් සාමාජිකයාට වෙන් කර ඇති අක්කර 300 බැගින් වූ ප්‍රදේශයේ කජු වගා කරන ලෙස 2021 වර්යේ දී හිටපු වනජීවී සංරක්ෂණ අමාත්‍ය විමලවීර දිසානායක සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 600 දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ය. ඉන්පසුව, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් එම ප්‍රදේශය වටා වැටවල් ඉදිකර ඇති අතර, එය වගා ව්‍යාපෘතියක් වුවද. ඔවුන් නැවත වන වගාකිරීමේ යෝජනා ක්රමයක නිරතවී සිටින බව ප්‍රකාශ කළහ.
තවත් උදාහරණයක් වන්නේ වෙරළ තීරය අත්පත් කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ඉඩම් පොදු ඉඩම් වන අතර, අතීතයේ ධීවරයින් ඔවුන්ගේ ධීවර වාඩි, බෝට්ටු සහ දැල් අවශ්‍ය ආවරණ ඉදිකර ගැනීමට මෙම ඉඩම් භාවිතා කළහ. 2004 වර්ෂයේ ඇතිවූ සුනාමියෙන් ව්‍යසනයෙන් පසු, රජය වෙරළ සහ ගොඩබිම් අතර මීටර් 100 ක ප්‍රදේශය තුළ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කළේ ය. 2009 වර්ෂයේ සිවිල් යුද්ධය අවසන් වූ පසුව, මෙම ඉඩම් සංචාරක ව්‍යාපාරය සඳහා වෙන් කිරීමට රජය තීරණය කළේ ය. විශේෂයෙන් ම නැගෙනහිර පළාතේ මෙම ඉඩම් හෝටල් ඉදිකිරීම සඳහා විකුණා ඇත.
විවිධ රාජ්‍ය ආයතන විසින් ඉඩම් අත්පත් කර ගැනීම මිනිසුන්ට ඉඩම්, ස්වභාවික සම්පත් සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය අහිමි කර ඇත. ප්‍රාදේශීය ආර්ථිකය දිරිමත් කිරීම සඳහා භාවිතා කළ හැකි ඉඩම් පවතින්නේ රජය සතුව ය. රජයට එම ඉඩම් අයිති ජනතාවට සිදුවන හානිය නොතකා ස්වකීය ප්‍රතිලාභය උදෙසා එම ඉඩම් අත්පත් කර ගැනීමට, අයිති කර ගැනීමට සහ බලෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
”ඉඩම්වලට ප්‍රමුඛත්වය ලබා දී නොමැති නම්, දේශපාලන විසඳුමක ප්‍රතිලාභීන් වන්නේ කවුරුන්ද?” යනුවෙන් රාසමණික්කම් ප්‍රශ්න කළේ ය.
පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම ආරම්භයක් පමණකි. වතුකරයේ සිට උතුරට ගොස් පදිංචි වූ මිනිසුන් සහ කිසි දිනෙක ඉඩමක් නොතිබූ පීඩිත කුලවලට අයත් සාමාජිකයන් බොහෝ ගණනක් සිටිති.
“උතුරේ සමාජයේ ඉඩම් නොමැති ජනතාව විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට ආරම්භ කිරීම සඳහා ඉඩමක් තිබුණේ නැහැ. මේ නිසා ඉඩම් අන්සතු කිරීම සම්බන්ධයෙන් සහ ඉඩම් නැවත බෙදාහැරීම සම්බන්ධයෙන් වඩා පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය කරනවා.” යනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන අහිලන් කාර්දිර්ගාමර් පැවසුවේය.
හමුදාකරණය වූ ධනවාදය
2017 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවක් මගින් උතුරු-නැගෙනහිර හමුදාකරණය වූ ධනවාදය පිළිබඳ සංකල්පය සාකච්ඡා කර ඇත. කලින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අත්පත් කරගෙන සිටි ප්‍රදේශවල පිහිටුවන ලද ඇඟලුම් කර්මාන්ත ශාලා ස්වරූපයෙන්, හමුදාකරණය ධනවාදය සමග අන්තර් සම්බන්ධිත වූ බව එහි අදහස වේ. 2009 වර්ෂයේ දී හමුදාව මෙම කර්මාන්තශාලාවලට අවශ්‍ය දේපළ, නිෂ්පාදන ස්ථාන සහ ශ්‍රම බලකායන් ලබා ගැනීමට උපකාර කළේය. ඔවුන් අවට සමග සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය මාර්ග වැනි යටිතල පහසුකම් ද ඉදිකර ඇත. මෙම කර්මාන්තශාලා විසින් ශ්‍රම බලකාය තාක්ෂණික කුසලතා, ඉදිරිපත් කිරීමේ හැකියා සහ අන්තර් පුද්ගල නිපුණතා යනුවෙන් හඳුන්වනු ලබන ධනවාදයේ නීතිරීති අනුගමනය කිරීම සඳහා පුහුණු කිරීම පිණිස පුහුණු මධ්‍යස්ථාන පිහිටවූයේ ය. මෙම අවස්ථාවේදී ද සිවිල් වැසියන් තවමත් ශ්‍රම බලකාය සේවයේ යෙදවූයේ ය.
කාලය ගතවීමත් සමග, ධනවාදයේ සහ හමුදාකරණයේ අන්තර්ඡේදනය එක් ස්වරූපයක් ලෙස ඒකාබද්ධ විය: එය හමුදාකරණය වූ ධනවාදය ලෙස හැඳින්වේ. මුලතිවු ප්‍රදේශයේ පමණක් හමුදාව විසින් ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන යාම (එනම් ගොවිපළ, හෝටල් සහ කර්මාන්තශාලා), හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා සිවිල් වැසියන් බඳවා ගැනීම සහ හමුදාව පුද්ගලික අංශයට මැදිහත්වීම සිදු කරනු ලැබේ. පාලනය, යැපීම සහ ණය යන චක්රයක ජනතාව සිරවී සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස, ධනවාදයේ හස්තයක් ලෙස ක්‍රියාකරන හමුදාවට ප්‍රදේශයේ ආර්ථිකය සහ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරකම් කෙරෙහි ඒකාධිකාරයක් ඇත.
“ප්‍රදේශයේ ජනතාවට ස්වකීය ඉඩම්, ස්වභාවික සම්පත් සහ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ විය නොහැක. ඔවුන්ට අවස්ථා අහිමිවී යයි.” සඳුන් පැවසුවේ ය. “කුඩා වතු හිමියන්ගේ ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර එකිනෙක සමග තරග කළ යුතු වේ. මෙය සාධාරණ හෝ සමාන තරගයක් නොවේ. මෙය සමස්ත ආර්ථිකය කෙරෙහි ම අහිතකර බලපෑමක් ඇති කරයි. එය ආර්ථිකය පාලනය කිරීම සීමිත පිරිසක් අතට පත් කරයි.”
“මියැන්මාරය සහ පකිස්ථානය දෙස බලන්න. ආර්ථික ක්රියාකාරීත්වයන් හරහා හමුදාවේ අධිකාරිය ගොඩනගාගෙන ඇත. එම රටවල ආර්ථිකය පාලනය කරන්නේ හමුදාවයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ප්‍රාදේශයේ ජීවනෝපායයන් හමුදාව මත ව්‍යුහාත්මකව යැපෙන්නේය යන්නෙන් හමුදාවන් දේශපාලන අරමුණු සඳහා උපකරණ ලෙස යොදාගනු ලබන බව අදහස් කෙරෙයි. 2015 වර්ෂයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැවත තේරී පත්වීම සඳහා ප්රචාරක කටයුතු සිදු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ව යොදා ගන්නා ලදී. 2017 වර්ෂයේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිවිල් බලධාරීන් යටතට පැවරීමට විරෝධය පළ කරන ලෙස සේවකයින්ට දන්වා තිබුණි.
බලපෑම
සිවිල් යුද්ධය අවසන් වීමත් සමග මර්දනය ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ප්‍රදේශයේ සාමාන්‍ය දෙයක් බවට විය. 2017 වර්ෂයේ දී මුලතිවු දිස්ත්‍රික්කයේ හමුදා භටයින් 60,000 ක් සිටියහ - එය සමස්ත රටෙහි ම සිටි සක්‍රීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව වූ 243,000 න් සියයට විසි පහක් (25% ක් විය). එම ප්‍රදේශයේ සෑම පුරවැසියන් දෙදෙනෙකු සඳහා ම එක් හමුදා සොල්දාදුවෙක් බැගින් සිටියේ ය.
2024 වර්ෂයේ දී, එනම් යුද්ධය අවසන් වී දශකයකට අධික කාලයක් ගතවූ පසුව පවා, දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුවන සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ බියවැද්දීම් පීඩාකාරී ලෙස නිතර සිදු වෙයි. විශේෂයෙන් ම, කාන්තාවන් 2009 වර්ෂයේ දී අත්විඳින ලද ලිංගික ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඔවුන්ට යුක්තිය ඉටු වී නැත. ඔවුන්ට ආයුධ සන්නද්ධ පිරිමින්ව හමුවන්නේ ඉතාම සාමාන්‍ය තත්වයන් තුළ ය: එනම් ඔවුන් ආහාර මිලදී ගන්නා විට, පාසල්වලට ඇතුල් වන විට සහ සම්පත් වෙත ප්‍රවේශ වන විට වැනි අවස්ථාවල දී ය. කාන්තා ගෘමූලික පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ අවදානමට විශේෂයෙන් ම ගොදුරු වෙයි. විරෝධතාවයෙහි නිරත වන කාන්තාවන් හමුවීමට රාත්‍රියේ බොහෝ වේලාවක් ගතවූ පසු ආයුධ සන්නද්ධ පුද්ගලයන් පැමිණ ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.
2020 වර්ෂයේ සිට සිදු කරන ලද පර්යේෂණ මගින් ශ්‍රී ලංකාව පුරා සුළු ජාතීන් සඳහා තිබෙන හැකිළී ගිය සිවිල් අවකාශය සිතියම්ගත කර ඇත. 2022 වර්ෂයේ දී දකුණේ ඇතිවූ විරෝධතා වලදී මෙම අවකාශය කෙටි කාලයකට විවර වූ නමුත්, 2023 වර්ෂයේ දී බොරැල්ල කනත්තේ සහ 2024 වර්ෂයේ වැල්ලවත්ත වෙරළේ පැවති මුල්ලිවයික්කාල් අනුස්මරණ උත්සව වැනි දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා පවත්වන ලද උත්සව වලදී ක්‍රියාකාරීන් මර්දනකාරී වාතාවරණයකට මුහුණ දුන්හ. ඒ හා සමානව ම, පලස්තීන ජනතාව වෙනුවන් පවත්වන ලද විරෝධතාවලට එරෙහිව පොලිස් බලය සහ ජල ප්‍රහාර යොදා ගන්නා ලදී.
“උතුරු-නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාව රජයේ දැඩි මර්දනයකට මුහුණ දෙමින් මෙයට වසර ගණනාවකට පෙර සිට අනුස්මරණය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කර ඇත. දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය සහ මහවිරු සැමරුම් උත්සවය සමරනු ලබන අතර ඒවාට සහභාගිවන්නන්ට සහ ඒවායෙහි සංවිධායකයින්ට අඛණ්ඩව ම රජය විසින් සිදු කරනු ලබන හිරිහැරවලට මුහුණ දීමට සිදුවේ.” යනුවෙන් එස්.ඕ.ඒ.එස්. (පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන පාසල) ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක මාරියෝ අරුල්තාස් පැවසුවාය. “කොළඹ දී දෙමළ ජනතාව අනුස්මරණය කිරීමේ උත්සව සංවිධානය කළ පිරිස් ඒවා ආරම්භ කළේ ඉතා මෑත වසරවලදී වන අතර, එය රජයට නුහුරු අවකාශයක් තුළ පැවති බැවින් ඒවාට එරෙහිව දැඩ් ප්‍රතිචාර එල්ල විය. මෙම අවකාශයන් එරෙහිව විරෝධතා එල්ල වුවද, ඒ සඳහා සටන් කළ යුතු බව දෙමළ ජනයා පෙන්වා දී ඇත.
ආර්ථික සහ ප්‍රජා අයිතීන් අහිමි කිරීම නිසා උතුරු-නැගෙනහිර ප්‍රදේශ බාහිර කම්පනවලට ගොදුරු වීමේ අවදානමට පත්ව ඇත. 2019 - 2023 කාලයේ දී මිලියන 4 සිට මිලියන 7 දක්වා ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය ඉහළ ගියේය . මුළු දිවයින ම ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්වූ අතර, දෙමළ නිජබිම තුළ එහි බලපෑම උග්‍ර විය. 2007 - 2013 අතර කාලයේ දී බහුමාන දරිද්‍රතාවය අඩු වී ඇති නමුත්, එය උතුරු-නැගෙනහිර කුඩා ප්‍රදේශවල පැවති බව 2019 වර්ෂයේ සිට සිදු කරන ලද පර්යේෂණ වලින් අනාවරණය විය. රටේ සමස්ත ජනගහනයෙන් සියයට 55.7 ක් බහුමාන වශයෙන් අවදානමට ලක්විය හැකි බවත්, ඉන් බොහොමයක් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට අයත් ප්‍රදේශවලින් වාර්තා වන බවත් 2023 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන :ඹභෘඡ* විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගින් හඳුනාගෙන ඇත. ආහාර සහ බෙහෙත් වැනි මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා බොහෝ දෙනෙකුට ණය වීමට සිදු වී ඇත. 2023 වර්ෂයේ දී ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තා මගින් උතුරු-නැගෙනහිර දිස්ත්‍රික්කවල උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයක් පවතින බව හෙළිදරව් කරන ලදී.
දෙවනා සේනානායක විසින් උතුරේ දේශපාලන සහ ඉඩම් ගැටළු සම්බන්දයෙන් රචිත ලිපියක් උපුටා ගනිමින් පල කර ඇත.
චායාරූප ලබාගැනීම, කුමනන්