ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය විසින් එහි ප්‍රාදේශිය ජාලයන් හා ප්‍රජාවන් හා සම්බන්ධ වී කටයුතු කරන තරුණ ක්‍රියාකාරීන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරිම සඳහා සංවිධානය කළ තෙදින නේවාසික වැඩමුළුව අද දින කොළඹදී ආරම්භ කෙරේ.
දෙසැම්බර් 13 වන දින එනම් අද දින ආරම්භ කෙරෙන වැඩමුලුව එළඹෙන දෙසැම්බර් 15 වන දිනෙන් අවසන් වේ.
දිවයින පුරා විසිරි සිටින මෙම තරුණ ක්‍රියාකාරීන් වෙත ඉඩම් අයිතිය තහවුරු කරගැනිමේ තම ප්‍රාදේශිය ජන අරගල, ව්‍යාපාර සහ මෙහෙයුම් සංවිධානය කරගැනිමේදී උපයෝගී කරගත හැකි සරල න්‍යායත්මක සහ ප්‍රායෝගික භාවිතයන් සම්බන්ධයෙන් වන දැනුම බෙදා දීම මෙහි අරමුණයි.